රු. ලක්ෂ 02ක අල්ලස් ගත් PHIවරයෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 02ක අල්ලස් ගත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු අත්අඩංගුවට

by Staff writer 15-02-2025 | 12:43 PM

COLOMBO (News 1st) –

රුපියල් ලක්ෂ 2ක් අල්ලස් වශයෙන් ලබා ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ගලේවෙල, තල්කිරියාගමදී අත්අඩංගුවට ගෙන තිබේ.  

ඒ , අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ය.

ඉබ්බාගමුව ප්‍රදේශයේ පුද්ගලයෙක් තවත් හිතවතුන් කිහිපදෙනෙකු සමග පවත්වාගෙන යනු ලබන අවන්හලේ මේ වර්ෂයට අදාළ වෙළෙඳ බලපත්‍රය අලුත් කිරීමට අදාළව සැකකරු අල්ලස් මුදල ලබා ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකි.

ඔහු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.