.webp)
10 වැනි පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමට අද පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය.
ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර ඇත්තේ ඉදිරි කාලය තුළ පාතාලය සහමුලින්ම අවසන් කිරීමට සියලු කටයුතු කරන බවයි.
ඒ සඳහා යම් කාලයක් ගතවන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.
මෙහිදී අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසා සිටියේ අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව සම්බන්ධව යෝජනාවලියක් සකස් කර ඇති බවයි.
එය ඉදිරියේදී නීතිඥයන් ඇතුළු සියලු පර්ශව වෙත යොමු කර නවීන තාක්ෂණය භාවිතයෙන් අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව තර කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.