Innovation Island Summit Sri Lanka සමුළුව ඇරඹෙයි

Innovation Island Summit Sri Lanka ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි

by Staff writer 20-02-2025 | 1:34 PM

COLOMBO (News 1st) - ලෝකයේ රටවල් 50ක නියෝජිතයින් සහභාගි වන දැවැන්ත ජාත්‍යන්තර සමුළුවක් වන Innovation Island Summit Sri Lanka සමුළුව කොළඹදී ආරම්භ විය.

සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතායි.

ශ්‍රී ලංකාව නවෝත්පාදන අතින් ගෝලීය කෙන්ද්‍රස්ථානයක් කිරීමේ අරමුණින් එම සමුළුව සංවිධානය කෙරේ.

ඒ සඳහා රටවල් 50ක අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ විවිධ ක්ෂේත්‍රවල ඉහළපෙළේ විශේෂඥයින් සහභාගි වීමට නියමිතයි.

මේ තුළින් ශ්‍රී ලංකාව වැනි රටවල් සතු හැකියාවන් හා නව සොයාගැනීම් මතු කර ජාත්‍යන්තරය තුළ නැගී සිටීම සඳහා ඉඩ සැලසෙනු ඇති.

ඉන්දියාවේ සංචාරක ප්‍රවර්ධනයේ පියා ලෙස සැලකෙන ඉන්ක්‍රෙඩිබල් ඉන්දියා සංකල්පයේ නිර්මාතෘ අමිතාබ් කාන්ට් මහතා සමුළුවේ විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතයි.

ඉනෝවේෂන් අයිලන්ඩ් ශ්‍රී ලංකා සමුළුව අද (20) සහ හෙට(21) පැවැත්වෙනවා.