දිවි ගමනට සමුදුන් මාධ්‍ය සහෘදයා..

වසර 32ක් කැපිටල් මහරාජා සමූහයට මා හැඟී මෙහෙවරක් කළ චමින්ද දිල්රුක් අභාවප්‍රාප්ත වෙයි..

by Staff writer 21-02-2025 | 5:41 AM

COLOMBO (News 1st) -

කැපිටල් මහරාජා සමූහයට අයත් දෙපානම විකාශන මධ්‍යස්ථානයේ විධායක කාර්මික නිලධාරිවරයෙකු වූ  චමින්ද දිල්රුක් මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය.

ඔහුගේ වයස අවුරුදු 53 කි.

චමින්ද දිල්රුක් මහතා කාර්මික නිලධාරියෙකු ලෙස MTV ආයතනයේ දෙපානම විකාශන මධ්‍යස්ථානයේ සේවයට එක් වුණේ 1993 වසරේ ජනවාරි පළමුවැනිදායි.  

දෙණියාය, හුන්නස්ගිරිය විකාශන මධ්‍යස්ථාන ආරම්භයේදී සම්ප්‍රේෂණ කුළුණු සවිකිරීමේ කටයුතුවලට ඔහුගෙන් ලැබුණේ මාහැගි සහයකි.

ඔහුගේ මූලික කාර්යයක් වූයේ විකාශන මධ්‍යස්ථානවල සම්ප්‍රේෂණ නඩත්තු කිරීමයි.

දෙපානම මැදිරි සංකීර්ණයේ බාහිර සජීව වැඩසටහන්වල විකාශන කටයුතුවලදී චමින්ද දිල්රුක් මහතා කැපවීමෙන් සේවය කළේ  ය.

කැපිටල් මහරාජා සමූහයේ ඔහුගේ සේවා කාලය අවුරුදු 32 කි.

ක්‍රිකට්,රගර්, පාපන්දු තරගාවලි සහ ලෝක කුසලාන විකාශයන්හි චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සංඥා ලබාගැනීමේ කටයුතුවලදීද දිල්රුක් මහතා ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා  කළේ  ය.

ඔහුගේ දේහය මහරගම පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙන අතර, අවසන් කටයුතු අද සවස 6.00ට මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.