.webp)
COLOMBO (News 1st) - කතරගම කිරිවෙහෙරෙ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට වැඩම කර තිබේ.
ඒ, කතරගම ප්‍රදේශයේ ස්ථාපිත රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවසක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම වෙනුවෙනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමක් මත උන්වහන්සේ අද එහි වැඩම කළ බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
මේ අතර මෙම විමර්ශනයට අදාළව රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා ද ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 3කට අධික කාලයක් ප්‍රකශ ලබාදුන්නේ ය.