'පොඩි සුද්දා' ඝාතනය ගැන විමර්ශන..

'පොඩි සුද්දා' ඝාතනය ගැන කණ්ඩායම් 5කින් විමර්ශන..

by Hashini De Mel 15-03-2025 | 6:59 AM

COLOMBO (News1st) - අම්බලන්ගොඩ, ඉඩම්තොටදි වෙඩි තබා තිරිමාදුර නිශාන්ත මෙන්ඩිස් හෙවත් 'පොඩි සුද්දා' ඝාතනය සම්බන්ධයෙන් කණ්ඩායම් 5 ක් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

පොලීසිය පැවසුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

අම්බලන්ගොඩ ඉඩම්තොට ඊයේ(14) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් 'පොඩි සුද්දා' නැමැත්තා මිය ගියේය.

වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැත.