.webp)
COLOMBO (News1st) - අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරු ලබන සඳුදා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර ඇත්තේ මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රඳවා තබා ගෙන ප්‍රශ්න කරමින් සිටි සැකකරු අනිද්දා(17) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
සැකකරු විසින් පැහැර ගෙන ගොස් ඇති වෛද්‍යවරියට අයත් ජංගම දුරකථනය සොයා ගැනීමට මෙතෙක් හැකිවී නැත.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ඇගේ නේවාසිකාගාරය තුළදීම පසුගියදා අතවරයට ලක්ව තිබුණි.