ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද අනුරාධපුරයට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද අනුරාධපුරයට

by Staff writer 06-04-2025 | 8:39 AM

COLOMBO (News1st) - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද(06) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගැනීමට නියමිතයි.

ඒ හේතුවෙන්, පෙරවරු 8.00 සිට අනුරාධපුර නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

මෙහිදි අනුරාධපුර ගුවන් තොටුපොළ පාර, රෝහල් වට රවුම, අලියා වට රමුව, ජයන්ති වට රවුම හා උඩමළුව මාර්ගය, වරින් වර වසා දැමෙන බව, පොලීසිය පවසයි.

එම මාර්ග වරින්වර වසා දැමුණත් අනුරාධපුර වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට බාධාවක් නොවන අයුරින් විකල්ප මාර්ග හඳුන්වා දී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණියේ, පෙරේදා රාත්‍රියේයී.

සංචාරය අවසන් කරමින් අද දහවල් ඔහු දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.