ප්‍රදේශවල කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි..

ප්‍රදේශවල කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි..

by Staff writer 07-04-2025 | 7:17 AM

COLOMBO (News1st)-

දිවයිනේ බොහෝ  ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විදයා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.