ගෝලීය කෝපි මිල වාර්තාගත ලෙස පහතට..

ගෝලීය කෝපි මිල වාර්තාගත ලෙස පහතට..

by Staff writer 07-04-2025 | 6:50 AM

COLOMBO (News1st) -

ගෝලීය කෝපි මිල වාර්තාගත ලෙස පහත වැටී තිබේ.

ඒ, අමෙරිකාව පැනවූ නව තීරු බදු හේතුවෙන් ය.

ලොව ප්‍රමුඛතම කෝපි නිෂ්පාදකයා වන වියට්නාමයට පනවා ඇති තීරු බදු ප්‍රතිශතය 46% කි.

ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ, අදාළ බදු එලෙසම ක්‍රියාත්මක වුවහොත්, අමෙරිකාවට  වියට්නාම කෝපි ආනයනය සම්පූර්ණයෙන් නතර වනු ඇති බවයි.