.webp)
ඒ, ඓතිහාසික රජරට පුරවරය කේන්ද්‍ර කරගනිමිනි.
අද(06) උදෑසන සමාරම්භක උළෙල පැවැත්වුණේ, සිරස මාධ්‍ය ජාලයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙනි.
අද දවස පුරා සිරස වසන්ත උදානය බක්මහ උළෙල පැවැත්වෙන්නේ, ජන ක්‍රීඩා ඇතුළු තරග ඉසව් රැසක් සමගිනි.
සනිධප සංගීතයෙන් හැඩවන සංගීත ප්‍රසංගය අද රාත්‍රියේ පැවැත්වෙන්නේ, දිවයිනේ ජනකාන්ත ගායක ගායිකාවන් රැසකගේ සහභාගිත්වයෙනි.
භාතිය - සන්තුෂ්, සේනානායක වෙරලියද්ද, සශිකා නිසංසලා, රුවන් හෙට්ටිආරච්චි, බාචි සුසෑන්, නීල් වර්ණකුලසූරිය ඇතුලු ගායක ගායිකාවන් රැසක් ප්‍රසංගය ගීතවත් කිරීමට නියමිතයි.