IMF නියෝජිත ආචාර්ය ගීතා ගෝපිනාත් දිවයිනට...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ‍්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් නිල සංචාරයක් සඳහා දිවයිනට..

by Staff writer 15-06-2025 | 3:27 PM

COLOMBO (News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද (15)පෙරවරුවේ දිවයිනට පැමිණියේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂකවරයෙකු එලෙස දිවයිනට පැමිණියේ, වසර 20 කට පසුවයි.

සංචාරයේදී ඇය මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධාන කරන,
“ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම - ණය සහ පාලනය” සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වේ.

අනිද්දා (17) සමුළුව පැවැත්වෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෙන් ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පළමු අදියර අවසන් වී ඇති පසුබිමකදී යි.