පාසල් 185කම මදුරු කීටයින්..

පාසල් 185කම මදුරු කීටයින්.. ජාතික ඩෙංගු මර්දන ඒකකය කියයි.

by Staff writer 05-07-2025 | 7:41 AM

COLOMBO (News 1st) - ජාතික ඩෙංගු මර්දන සතියේ පස්වන දිනය වනවිට පාසල් 185 ක මදුරු කීටයක් බෝවන ස්ථාන සොයා ගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය පැවසුවේ, එම දිනවල පාසල් 298 ක් පරීක්ෂාවට ලක්කර ඇති බවයි.

ජාතික ඩෙංගු මර්දන සතිය යටතේ මදුරුවන් බෝ වන පරිශ්‍ර 3,886 ක් හදුනාගෙන තිබේ. 

එහිදී පරිශ්‍ර 100කට එරෙහිව නීතිමය පියවර ගෙන ඇතැයිද වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවා ය.