සංචාරකයින් ලක්ෂ 15ක් දිවයිනට...

මේ වසරේ ගෙවුණු කාලය තුළ සංචාරකයින් ලක්ෂ 15ක් දිවයිනට...

by Staff writer 18-08-2025 | 5:07 PM

COLOMBO (News 1st) - වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 15 ඉක්මවා ගොස් තිබේ.

සංචාරක අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවට අනුව එම සංඛ්‍යාව පහළොස් ලක්ෂ හයසිය පනස් හයක්.

ඉන් වැඩිම පිරිස ඉන්දියාවෙන් පැමිණ ඇතැයි, සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ ය.

එය ප්‍රතිශතයක් ලෙස 21% ක්.

අගෝස්තු මාසයේ ගතවූ දින 17 තුළ සංචාරකයින් 129,226 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

මේ වසරේ ගතවූ මාස 07 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ජනවාරි මාසයේදී යි.

එය සටහන් වන්නේ, සංචාරකයින් 252,761 ක් ලෙසයි.

සංචාරක අමාත්‍යාංශය පවසන්නේ, මේ වසරේ සංචාරකයින් ලක්ෂ 30 ක් මෙරටට ගෙන්වා ගැනීම සිය ඉලක්කය බවයි.

ඒ අනුව, මේ දක්වා එම ඉලක්කයෙන් හරි අඩක්, එනම් ලක්ෂ 15 ඉක්මවූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබේ.

සංචාරක අමාත්‍යාංශය පැවසුවේ, බ්‍රිතාන්‍ය, නෙදර්ලන්තය , චීනය සහ ප්‍රංශය යන රටවල්වලින් ද වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇති බවයි.