තැපැල් සේවයට වාර්තා නොකරන සේවකයින්ට දැඩි පියවර

අද දිනයේ රාජකාරියට වාර්තා නොකරන තැපැල් සේවකයින් සේවය හැරගියා සේ සලකා කටයුතු කිරීමට පියවර... - තැපැල් දෙපාර්තමේන්තුව

by Staff writer 22-08-2025 | 9:03 AM

COLOMBO (News 1st) - අද(21) දිනයේ රාජකාරියට වාර්තා නොකරන තැපැල් සේවකයින් සම්බන්ධයෙන් සේවය හැරගියා සේ සළකා කටයුතු කිරිමට සිදුවන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නියෝජ්‍ය තැපැල්පති චමීෂා ද සිල්වා මහත්මිය සදහන් කළේ, වර්ජනයේ නිරත සියලු සේවකයින්ට ඊයේ ඒ බව ලිඛිතව දැනුම් දුන් බවයි.

අද සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයින්ට වැටුප් ගෙවීම සදහා මුදල් නිකුත් නොකිරන බව මහා භාණ්ඩාගාරය දැනුම් දුන් බවද තැපැල්පතිවරයා වර්ජිත සේවකයින්ට දැනුම් දී තිබේ.

තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය අද  ක්‍රියාත්මක වන්නේ 05 වැනි දිනටයි.

ඒ අතිකාල දීමනා, ඇඟිලි සලකුණු යෙදීම ඇතුලු ගැටලු 19 ක් මුල්කරගනිමින් ය.

වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි පිඩාවට පත්ව සිටියි.