.webp)
ඔහු කළුතර බන්ධනාගාරයේ නියාමකවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී නොදන්වා විදේශගතවිම මත මීට පෙර සේවය අත්හිටුවා ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
ඝාතනයට ලක්වූ පුද්ගලයා 57 හැවිරිදි කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර කෝදාගොඩ නැමැති පානදුර දකුණු පිංවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස ඔහු කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.
2019 වර්ෂයේදී ඔහු ඩුබායි හි සිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් ඇතැයි පොලීසිය සදහන් කළේ ය.
මොටර් රථයකින් හොරණ සිට බණ්ඩාරගම දෙසට ඊයේ(21) පස්වරු 6 ට පමන ගමන් කරමින් සිටියදි ඔහු ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ, පස්වරුවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීම කර ඇති බවයි.
T56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
වෙඩි තැබු ස්ථානයේ තිබී හිස් පතොරම් කොපු 30 ට ආසන්න සංඛ්‍යාවක් පොලීසිය සොයාගෙන තිබේ.
මළ සිරුර පානදුර රෝහලේ මෘත ශරි්රාගාරයේ තැන්පත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.