සුරියවැවදී STF වෙඩි තැබීමකින් සැකකරුවෙකු මරු‍ට

සුරියවැව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වෙඩි තැබීමකින් සැකකරුවෙකු මරු‍ට

by Staff writer 22-08-2025 | 8:33 AM

COLOMBO (News 1st) - සුරියවැව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වෙඩි තැබීමකින් සැකකරුවෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් ඊයේ(21) රාත්‍රි සූරියවැව ප්‍රදේශයේ වාඩියක් පරීක්ෂාවට ලක්කර ඇති බවයි.

එහිදී එහි සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පොලීසිය පැවසුවේ, ‍පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එහිදී එල්ල කළ වෙඩි තැබීමකින් සැකකරු මියගොස් ඇති බවයි.

අත්බෝම්බ ප්‍රහාරයෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීයෙකු ද තුවාල ලබා තිබේ.