.webp)
-599241.jpg)
මෙවර තරගාවලියට සහභාගි වන කණ්ඩායම් ගණන 8 කි
ඒ, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය, සහ හොංකොං. ය.
එහි මූලික වටයේදී A සහ B ලෙස කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වේ.
ඉන්දියාව, ඕමානය, පකිස්ථානය සහ එක්සත් අරාබි එමිර් කණ්ඩායම් ඒ කාණ්ඩයට ඇතුළත් වේ.
ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන් තරග කරන අතර එම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් වන්නේ ඇෆ්ගනිස්ථානය , හොංකොං සහ බංග්ලාදේශයයි.
මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බංග්ලාදේශය සමග ලබන 13 වැනිදා අබුඩාබිහීදී පැවැත්වේ.
තරගාවලිය ආරම්භ කරමින් අද(09) පළමු තරගය පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්ථාන සහ හොංකොං කණ්ඩායම් අතරයි.
එම තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් අද රාත්‍රී 8ට ආරම්භ කිරීමට නියමිතයි.
තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ TV1 නාළිකාවෙන් සියළු තරග ඔබට සජීවි ලෙස නැරඹිය හැකියි.
රත්මලාන ස්ටයින් ස්ටුඩියෝස්හි සිට නවීන තාක්ෂණික ක්‍රමෝපායන් සහ ජාත්‍යන්තර තරග විශ්ලේෂණ අත්දැකීම් සමග මේ තරග සියල්ල ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්.
