වන අලියෙකු පහරදිමෙන් පියෙකු සහ දියණියක මරුට.

විල්ගමුවේදී වන අලියෙකු පහරදිමෙන් පියෙකු සහ දියණියක මරුට.

by Staff writer 15-05-2026 | 10:41 AM

COLOMBO(News1st) -මාත.ලේ විල්ගමුව, මොරගහ උල්පත, ප්‍ර‍දේශයේදී වන අලියෙකු පහර දීමෙන් පියෙක් හා දියණියක් මියගොස් තිබේ.

23 හැවිරිදි දියණිය හා 56 හැවිරිදි පියා අද උදෑසන එලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ යතුරු පැදියකින් යමින් සිටියදීයී

දියණිය රැකියා ස්ථානය දක්වා රැගෙන යමින් සිටියදී ඔවුන්ට වන අලියා පහර දී තිබේ.

සිරුරු විල්ගමුව රෝහලේ තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.