UNහි සිදුවූ අපහසුතා ගැන ට්‍රම්ප් පරීක්ෂණයක් ඉල්ලයි

එක්සත් ජාතීන්ගේ සැසියේදී තමාට සිදුවූ අපහසුතා ගැන අමෙරිකානු ජනපති පරීක්ෂණයක් ඉල්ලයි

by Staff writer 25-09-2025 | 6:25 PM

COLOMBO(News1st) - එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී තමාට සිදුවූ අපහසුතා සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරීක්ෂණයක් ඉල්ලා තිබේ.

සිය Truth ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටියරස් වෙත ලිපියක් යොමු කරන බවයි.

එක්සත් ජාතීන්ගේ සැසියට සහභාගී වූ අමෙරිකානු ජනාධිපතිවරයා ගමන් කළ කෘතිම පඩිපෙළ ක්‍රියා විරහිත වීම, සැසිය ඇමතීමේදී ටෙලිප්‍රොම්ටර්ය අක්‍රිය වීම සහ හේඩ්පොනයේ අක්‍රීය වීම යන ගැටලු වලට ඔහු මුහුණ දුන්නේ ය.

එය සම්පූර්ණයෙන් කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව, අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.