.webp)

COLOMBO (News 1st) - නව විදුලිබල පනතෙන් ස්ථාපිත වූ සමාගම් 4 හි අධ්‍යක්ෂ මණ්ඩල පත් කර තිබේ.
එම සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයින් 7දෙනෙකුගෙන් සමන්විතය.
ඒ අනුව
නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ්,
නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිමිටඩ්,
ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් හා
ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්
යන ආයතන සඳහා අධ්‍යක්ෂ මණ්ඩල පත්කළ බව විදුලිබල අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.
ඒ සඳහා සභාපතිවරුන් පත් කිරීම ඉදිරි සතිය ඇතුළත් සිදු කිරීමට නියමිත යි.
විදුලිබල මණ්ඩල සේවකයින්ට තම කැමැත්ත මත අදාළ සමාගම්වලට අනියුක්ත වීම සඳහා ලබන මස 27 වැනිදා දක්වා අවස්ථාව පවතින බවද බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කරන ලදි.
ලංකා විදුලිබල නව පනතේ ප්‍රතිපාදන මත ලංකා විදුලි බල මණ්ඩලය සාමාගම් 4 කට ප්‍රතිව්‍යුහත කර තිබේ.
ජනන, බෙදාහැරීම්,සම්ප්‍රේෂණ හා ජාතික පද්ධති ක්‍රියාත්මක කිරීමට අදාළව අදාළ සමාගම් පිහිටුවා ඇති බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.
එලෙස නව ආයතන සඳහා බැඳීමට අකමැති සේවකයින් වන්දි ක්‍රමයක් යටතේ විශ්‍රාම ගත හැකියි.
කෙසේ වෙතත් විදුලි වෘත්තිය සමිති ගණනාවක් තවදුරටත් අකුරට වැඩ කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වී සිටින්නේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුගත ක්‍රියාවලියේදී තමන්ට හිමිවිය යුතු දීමනා ඇතුළු ප්‍රතිලාභ තහවුරු කරන්නැයි ඉල්ලමින්ය.
