අරලගංවිල ජලය පිරී තිබූ වළකට වැටී කුඩා දරුවෙකු මරුට

අරලගංවිල ජලය පිරී තිබූ වළකට වැටී කුඩා දරුවෙකු මරුට..

by Staff writer 21-12-2025 | 1:45 PM

COLOMBO (News 1st) -අරලගංවිල, කන්දේගම ප්‍රදේශයේ ජලය පිරී තිබූ වළකට වැටීමෙන් කුඩා දරුවෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම දරුවා මියගොස් ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ, කන්දේගම පදිංචි 2 හැවිරිදි දරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.