.webp)
ඒ, පසුගිය දිනවල වෙහෙරගල ජලාශයේ තිබී මැගසින් ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනීමත් සමඟයි.
යාල අභය භූමියේ කළ මෙහෙයුම් වලදී කිසිවක් සොයාගෙන නොමැත.
වෙහෙරගල ජලාශයේ සිදුකළ නාවික හමුදා මෙහෙයුම් ඊයේ(04) අවසන් කර තිබේ.
මෙහෙයුම් ක්‍රියාත්මක වුණේ, නාවික හමුදා කිම්දුම් කණ්ඩායම් 3 ක් ඔස්සේයී.
ජලාශයේ තිබි තිබී T56 හිස් මැගසින් 215 ක්, එල්.එම්.ජී ඩ්‍රම් හිස් මැගසින් 39 ක්, එම් .පී.එම්.ජී 200 හිස් මැගසින් 11ක් , එම්.පී.එම්.ජී 100 මැගසින් 9 ක් , T 81 මැගසින් 6 ක් සහ 12.7 ගුවන් යානා නාශක අවි වලට යොදන 100 හිස් ඩ්‍රම්ස් එකක් සොයා ගැනුණි.
එම ආයුධ තොගය ලබන අගහරුවාදා, වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව, පොලීසිය සදහන් කළේ ය.