හමාස් සංවිධානයට අමෙරිකානු ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

හමාස් සංවිධානයට අමෙරිකානු ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්.

by Staff writer 06-10-2025 | 10:21 AM

COLOMBO (News 1st) - හමාස් සංවිධානය ගාසා තීරයේ බලය සහ පාලනය අත්හැරීම ප්‍රතික්ෂේප කළහොත්  ඔවුන්ට සම්පුර්ණයෙන්ම විනාශය කරා ළගාවීමට සිදුවනු ඇතැයි අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

CNN පුවත් සේවයේ මාධ්‍යවේදියකු ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරිම්වලට පිළිතුරු ලබා දෙමින් ඔහු ඒ බව සඳහන් කළේ ය.

අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ  සාමයට සැබවින්ම කැපවී සිටිනවාද යන්න නැද්ද යන්න පැහැදිලි උත්තරයක් තමා හමාස් සංවිධානයෙන් හැකි ඉක්මනින් බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම තමන් ඉදිරිපත් කළ සටන් විරාම යෝජනාව යථාර්ථයක් වනු ඇති බවට  තමා බලාපොරොත්තු වන බවත්, එය සාක්ෂාත් කර ගැනීම සඳහා තමා වෙහෙස මහන්සි වී වැඩ කරන බවත් ට්‍රම්ප් වැඩිදුරටත්  අවධාරණය කරන ලදි.

හමාස් සංවිධානය සටන් විරාමයක් සඳහා එකඟ වුවහොත්, වහාම ක්‍රියාත්මක වී, ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් හුවමාරුවක් ආරම්භ කිරිමට සුදානම්  බවත් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය.

කෙසෙවෙතත් හමාස් සංවීධානය සටන් විරාමයක් සඳහා කැප නොවි ගාසා තීරයේ බලය දිගින් දිගටම තහවුරු කිරිමට උත්සහ කළහොත්  ඔවුන් සම්පුර්ණයෙන් විනාශය කරා ලඟාවනු ඇතැයි  අමෙරිකානු ජනපතිවරයා අනතුරු අඟවා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරන ලදි.