.webp)
COLOMBO (News 1st) - ඊශ්‍රායල - හමාස් යුද්ධය ආරම්භ වී අදට වසර 2ක් ගතවී තිබේ.
දෙපාර්ශවය අතර ගැටුම ආරම්භ වුණේ 2023 ඔක්තෝබර් 07 වන දින හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයින් 1200ක් ඝාතනය කිරීමත් සමගයි.
තවත් ඊශ්‍රායල ජාතිකයින් 251 දෙනෙකු එම සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගත්හ.
එම ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරිම ආරම්භ කළ අතර ඉන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 67,000කට අධිකයි.
තුවාල ලැබූ සංඛ්‍යාවද එක් ලක්ෂ 69,000 ඉක්මවා තිබේ.
ගැටුම් ආරම්භ වී වසර දෙකක් ගත වුවද තවමත් ගාසා තීරයේ ප්‍රහාර සිදුවන අතර ඇමරිකාව,මැදපෙරදිග රටවල් මෙන්ම තවත් රටවල් විශාල සංඛ්‍යාවක් ගැටුම් අවසන් කිරීමට විවිධ උත්සහයන් ගනිමින් සිටි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද කරුණු 20කින් යුත් සාම සැලැස්මක් මේ වන විට ඉදිරිපත් කර තිබේ.
ඊශ්‍රායලය ඊට එකඟ වී ඇති නමුත් හමාස් සංවිධානය තවමත් සිටින්නේ සාකච්ඡා මට්ටමේය.
ඒ සම්බන්ධ සාකච්ඡා වටයක් ඊයේ ඊජිප්තුවේ කයිරෝ නුවරදී පැවැත්වු අතර ඒ සඳහා හමාස් සංවිධානයේ මෙන්ම ඊශ්‍රායල, ඇමරිකානු සහ කටාර් නියෝජිතයින් සම්බන්ධ වුණි.
එම සාකච්ඡා සාර්ථක බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.