චීනයේ හමුදාවේ ජ්‍යෙෂ්ඨයින් 10දෙනෙක් සේවයෙන් පහකරයි

චීනයේ ඉහළම හමුදා නිලධාරියා ඇතුළු හමුදාවේ ජ්‍යෙෂ්ඨයින් 09 දෙනෙකු සේවයෙන් පහකර තිබේ - විදෙස් මාධ්‍ය

by Staff writer 18-10-2025 | 11:46 AM

COLOMBO (News 1st) - චීනයේ ඉහළම හමුදා නිලධාරියා ඇතුලු හමුදාවේ ජ්‍යෙෂ්ඨයින් නව දෙනෙකු සේවයෙන් පහකර තිබේ.

ඒ, දූෂණ චෝදනා හේතුවෙන්.

චීන කොමියුනිස්ට් පක්ෂය, දශක ගණනාවකට පසු හමුදාවට එරෙහිව ගත් ප්‍රබලම ක්‍රියාමාර්ගය මෙයයි.

පක්ෂ සාමාජිකත්වයෙන් ද නෙරපා දැමූ ඔවුන්ට එරෙහිව නඩු පවරන බව, චීන කොමියුනිස්ට් පක්ෂය නිවේදනය කළේ ය.

චීන ජනාධිපති ෂී ජින්පින්ට පසු, එරට හමුදාවේ දෙවැනියට සිටින ඉහළම නිලධාරියා වන හී වයිඩොං ද, ධුරයෙන් පහකළ පිරිස අතරට අයත් වේ.

දූෂණ චෝදනාවකට ලක්වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ පළමු දේශපාලන මණ්ඩල සභිකයා ද ඔහුය.