ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් 3ක් මියයයි..

පාකිස්ථානය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් 3නෙකු ඇතුළු 10ක් මිය යයි..

by Staff writer 18-10-2025 | 9:00 AM

COLOMBO (News 1st) - පාකිස්ථානය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තුන්දෙනෙකු ඇතුලු පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.

ඉන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

දෙරට අතර ක්‍රියාත්මක පැය 48ක සටන් විරාමය අවසන් වීමත් සමග පාකිස්ථානය ප්‍රහාර එල්ල කළ බවට ඇෆ්ගනිස්ථාන චෝදනා කරයි.

ඇෆ්ගනිස්ථානය ද, සිය හමුදා කඳවුරක් වෙත ප්‍රහාර එල්ල කළ බවට පාකිස්ථානය චෝදනා කළේ ය.

මේ වන විට දෙරට අතර ගැටුම් උත්සන්න වෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.