ගුණරත්න වන්නිනායක ගල්කිස්ස පොලීසියට එයි

නීතීඥ ගුණරත්න වන්නිනායක ප්‍රකාශයක් දෙන්න ගල්කිස්ස පොලීසියට එයි..

by Staff writer 18-10-2025 | 1:31 PM

COLOMBO (News 1st) - නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා අද (18) පෙරවරුවේ ගල්කිස්ස පොලීසියට පැමිණියේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යු වුඩ්ලර් මහතා සඳහන් කළේ සාක්ෂි කරුවෙකුද සමග ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු ගල්කිස්ස පොලීසියට පැමිණි බවය.

පසුගිය 15 වැනිදා පස්වරුවේ ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් වූ නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා රුපියල් ලක්ෂ 5 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණි.

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී ඇතිවූ සිදුවීමක් මුල්කරගෙන පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම ඇතුලු කරුණු කිහිපයක් මත පොලිසිය නීතිඥ ගුනරත්න වන්නිනායක මහතාට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ය.