''Government Cloud''බිඳ වැටීමට විකල්ප වැඩපිළිවෙලක්

''Lanka Government Cloud'' සේවාව බිඳ වැටීම හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතා වළක්වා ගැනීම සඳහා විකල්ප වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි - තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය

by Staff writer 18-10-2025 | 1:01 PM

COLOMBO (News 1st) - ලංකා ගවර්මන්ට් ක්ලවුඩ් සේවාව බිඳ වැටීම හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතා වලක්වා ගැනීම සඳහා විකල්ප වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

එහි ඩිජිටල් ආර්ථික උපදේශක සුමුදු රත්නායක මහතා පැවසුවේ තම උප්පැන්න සහතිකය මීට පෙර දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගැනීමට හැකියාව තිබූ බවය.

කෙසේ වෙතත් දැනට උප්පැන්න සහතිකය ලබාගැනීමට හැකිවන්නේ,  තමන් උපන් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් පමණක් බවද ඔහු පැවසුවේ ය.

ලංකා ගවර්මන්ට් ක්ලවුඩ් සේවාවේ බිඳ වැටීම නිසා බලපෑමට ලක්ව ඇති රාජ්‍ය ආයතන වෙඩි අඩිවි සංඛ්‍යාව 40 කට අධිකය.

ඒ අතර රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ,විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව,පොලිස් දෙපාර්තමේන්තුව ආදී ආයතන ගණනාවක ඔන්ලයින් සේවාද වන බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන සඳහන් කරන ලදි.