.webp)
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර පවතින වර්ෂා සහිත කාලගුණයත් සමග රාජංගනය ,අංගමුව, කලාඔය, ජලාශවලද වාන් දොරටු සහ දැදුරු ඔයේ වාන් දොරටු 6ක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්යක්ෂ පී.ඒස්.ඩී හේරත් මහතා පැවසුවේ, වාන් දොරටු විවෘත කිරිම හේතුවෙන් පහත බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් සිටින ලෙසයි.
පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක 05කට නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය තව දුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේ බදුල්ල, මහනුවර , කෑගල්ල, මාතලේ , නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල බොහෝ ප්‍රදේශවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අවධානයෙන් සිටින ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි