පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතයි..

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතයි..

by Staff writer 21-10-2025 | 8:21 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අද පෙරවරු 9 යි 30 ට රැස් වේ.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ සතියට අදාළව පාර්ලිමේන්තුව ලබන සිකුරාදා තෙක් රැස්වීමට නියමිතයි.

ඒ අනුව 2015 අංක 15 දරන ජාතික ඹෟෂධ නියාමන අධිකාරි පනත යටතේ නියෝග සම්මත කිරිම අද පාර්ලිමේන්තුවේදී සිදු කිරිමට නියමිතව තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් එය ඉදිරිපත් කිරිමට නියමිතය.

ඡන්ද විමසීම සිදු කෙරෙන්නේ පස්වරු 5.00ට යි.

පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනිම සදහා ඉදිරිපත් කිරිමට නියමිතයි.

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ අංක 2451/10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද නියමය සහ සුරා බදු ආඥා පනත යටතේ රීති  හෙට විවාදයට ගැනීමට නියමිතව තිබේ.

ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන “මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ තුරන් කිරීම සහ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සඳහා වූ ජාතික වැඩසටහන” පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙනු ඇත.