හික්කඩුවේ නිවසක් ඉලක්ක කර වෙඩි තැබීමක්..

හික්කඩුවේ නිවසක් ඉලක්ක කර වෙඩි තැබීමක්. කිසිවෙකුටත් හානියක් නැහැ. - පොලීසිය

by Staff writer 21-10-2025 | 7:46 AM

COLOMBO (News 1st) - හික්කඩුව මහවත්ත ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩි තැබිමක් සිදුව තිබේ.

T56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර ඇති අතර ඉන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යු වුඩ්ලර් මහතා පැවසුවේ ය.

ඊයේ රාත්‍රී 10.30 ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු නිවසට වෙඩි පහර 04 ක් එල්ල කර පලාගොස් තිබුණි.

නිවෙස් හිමියන්ගේ පුතුන් ඉතාලියේ ජීවත්වන බවත් ඔවුන් අතර එහිදි ඇති වූ පුද්ගලික ආරවුලක් වෙඩි තැබිමට හේතුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන ලදි.
 

වෙනත් ලිපි