බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවට තියුණු ජයක්

බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවට අවසන් පන්දුවාරයේදී තියුණු ජයක්

by Staff writer 21-10-2025 | 8:27 AM

COLOMBO (News 1st) - 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථාන සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තරගය අද පැවැත්වේ.

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය අද පස්වරු 3ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩාම සමග පැවති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 7කින් ජය ගත්හ.

ඉන්දියාවේ නවි මුම්බායිහිදි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 4කදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 202 ක්.

නායක චමරි අතපත්තු ලකුණු 46යි.

චමරි එක්දින පිටියේ ලකුණු 4000 සීමාව පසු කළ අතර, එම සීමාව පසු කළ මෙරට පළමු ක්‍රීඩිකාව ඇයයි.

ආසියාව තුළ එක්දින පිටියේ ලකුණු  4000 සීමාව පසු සිව්වැනි ක්‍රීඩිකාව ලෙසද චමරි අතපත්තු වාර්තා අතරට එක්වේ.

හසිනි පෙරේරා ලකුණු 85යි.

ලකුණු 203ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 195ක් පමණි.

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සියලු තරග නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ ටීවී වන් නාලිකාවෙන් සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ සජීව ලෙස නැරඹිය හැකියි.