පියල් මනම්පේරි යළි රිමාන්ඩ්...

පියල් මනම්පේරි යළි රිමාන්ඩ්...

by Staff writer 22-10-2025 | 5:14 PM

COLOMBO (News 1st) - පියල් මනම්පේරි නැමැත්තා ලබන 29 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ , අදාඵ නඩුව අද (22) වලස්මුල්ල මහේස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනෙවිය ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදීයි.

මිද්දෙණිය තලාව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ඇතුළු ද්‍රව්‍ය සොයා ගැනීමට අදාළ නඩුව අද ස්කයිප් ඔස්සේ විභාග කෙරිණි.

මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළේ, සම්පත් මනම්පේරි නැමැත්තාට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින චරිත් මදුසංක නැමැත්තා ද ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

නඩුවේ දෙවන සැකකරු වන සම්පත් මනම්පේරිට අදාළ නඩුව දෙසැම්බර්  19 කැඳවීමට නියමිතයි.

මේ වන විට සම්පත් මනම්පේරි රැඳවුම් නියෝග මත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී.