.webp)
එහි සභාපති ගාමිණි ජාසිංහ මහතා සඳහන් කළේ, ප්‍රවේශපත් ලබා නොගත් මගීන් 9කුට එරෙහිවද දඩ පැනවූ බවයි.
ජංගම දුරකථන භාවිත කරමින් රිය පැදවීම, බලපත්‍ර නොමැතිව ධාවනය කිරීම, ව්‍යාජ බලපත්‍ර සන්තකයේ තබා ගැනීම ඇතුළු වෙනත් වැරදි රැසක් සම්බන්ධයෙන් තවත් රියැදුරන් හා කොන්දොස්තරවරුන් 228 දෙනකුට දඩ නිකුත් කර සේවය අත්හිටුවා ඔවුන් පුහුණුවකට යොමුකර ඇති බවද සභාපතිවරයා සඳහන් කළේ ය.
සභාපතිවරයා ප්‍රකාශ කළේ, බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ප්‍රවේශ පත්‍ර නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වේදැයි පරීක්ෂා කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.
පසුගිය පළමුවැනිදා සිට බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ප්‍රවේශ පත් නිකුත් කිරීමේ නීතිය බලාත්මක කෙරුණි.