.webp)
ප්‍රදේශ රැසකට තද සුළං ද අපේක්ෂා කල හැකියි.
අධික වැසි සහිත කාලගුණයෙන් දිස්ත්‍රික්ක 13ක, පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 10, 617 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පුද්ගලයින් 04 දෙනෙකුට දිවි අහිමි වි ඇති අතර ඥාති නිවාසවල රඳවා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 171 කි.
නිවාස දෙකකට පුර්ණ හානි සිදුව ඇති අතර නිවාස 402කට අර්ධ හානි සිදුව ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිකුත් කල නිවේදනයේ සඳහන් වේ.
මේ අතර හදිසි අපදා තත්වයකදී ක්ෂණික ප්‍රතිචාර දැක්විමට දිස්ත්‍රික්ක 10ක විශේෂ දිස්ත්‍රික් මධ්‍යස්ථාන සුදානම් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
බදුල්ල , නුවරඑළිය ,මහනුවර ,මාතලේ, කෑගල්ල, කළුතර, රත්නපුර ,ගාල්ල, මාතර සහ කුරූණෑගල දිස්ත්‍රික්කවල එම මධ්‍යස්ථාන ස්ථාපිතයි.
යම් ආපදා තත්වයක් ඇති වුවහොත් 011 2 55 22 20 ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ දුරකථන අංකයට දැනුම් දිය හැකියි.
මේ අතර දිස්ත්‍රික්ක 11ක ප්රදෛ්ශීය ලේකම් කොට්ඨාශ රැසකට නිකුත් කල නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරුව දක්වා බලාත්මකයි.
ගාල්ල , මාතර , කළුතර , මහනුවර , කෑගල්ල , රත්නපුර , බදුල්ල , කොළඹ , කුරුණෑගල , මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත්.
ගංගා ජල මට්ටම් තවදුරටත් ඉහළ අගයක පවතින බැවින් ඒ පිළිබද විමසිලිමත් වන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරන ඒකකයේ අධ්යක්ෂ ඒකකයේ අධ්යක්ෂ එල්.එස්.සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ ය.