මියන්මාරයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින්6ක් මුදවා ගනී

මියන්මාරයේ සයිබර් අපරාධකරුවන් ග්‍රහණයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 6ක් මුදවා ගනී..

by Staff writer 24-10-2025 | 9:59 AM

COLOMBO (News 1st) -  මියන්මාරයේ සයිබර් අපරාධකරුන් ග්‍රහණයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු මුදා ගෙන තිබේ.

එම පිරිස මේ වන විට එරට හමුදා කඳවුරක සිටින බව මියන්මාරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ ය.

ශ්‍රී ලාංකිකයින් 17දෙනෙකුට අධික සංඛ්‍යවක්  මියන්මාරයේ සයිබර් අපරාධ  සඳහා බලහත්කාරයෙන් යොදවා සිටින බවට මීට පෙර තොරතුරු ලැබී තිබුණි.

එලෙස සයිබර් අපරාධකරුවන්ගේ ග්‍රාහණයේ පසුවන්නේ සංචාරක වීසා මත රැකියා සඳහා ගිය පිරිසක්.

මියන්මාරයේ තායිලන්ත දේශසීමාවේ පිහිටා ඇති එම ප්‍රදේශය ගූගල් සිතියමේ හදුන්වා ඇත්තේ සයිබර් ක්‍රිමිනල් ඒරියා හෙවත් සයිබර් අපරාධ ප්‍රදේශය ලෙසය.

මියන්මාරයේ මියාවෙඩ්ඩි නගරයේ සිට කිලෝ මීටර් 25 ක් දුරින් පිහිටා ඇති එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම පවතින්නේ ත්‍රස්ත කණ්ඩාමක් ග්‍රහණයේ ය.

මීට පෙර අවස්ථා කිහිපයකදී  එම ප්‍රදේශයේ සයිබර් අපරාධ සඳහා බලහත්කාරයෙන් සේවයේ යොදවා සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දැඩි පරිශ්‍රමයකින් මුදා ගන්නා ලදි.