.webp)
-603130.jpg)
COLOMBO (News 1st) - අමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටී තිබේ.
ලුයීවෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගමන් ආරම්භ කල අදළ යානය විනාඩි කිහිපයක් තුල එම ගුවන් තොටුපළ ආසන්නයේදීම කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම අවස්ථාවේ ගුවන් නියමුවා ඇතුළු තුන්දෙනෙකු යානයේ සිට ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ.
ගුවන් යානය කඩා වැටී ඇත්තේ ඛනිජ තෙල් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් ආසන්නයේදී ය.
ඒ හේතුවෙන් ප්‍රදේශයේ දැවැන්ත ගින්නක් පැතිරී යන බවද විදෙස් වාර්තා වල සඳහන් වේ.
දැනට වාර්තාවන තොරතුරුවලට අනුව, අනතුරින් පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි කෙන්ටකී ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා සදහන් කරන ලදි.
