දිය නෑමට ගිය තරුණයින් 4ක් අතුරුදන්

හලාවත දැදුරුඔයේ දිය නෑමට ගිය තරුණයින් හතර දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

by Staff writer 05-11-2025 | 6:48 PM

COLOLMBO(News1st) - හලාවත දැදුරුඔයේ දිය නෑමට ගිය තරුණයින් හතර දෙනෙකු අතුරුදන්ව තිබේ.පොලීසිය සදහන් කළේ, තරුණයින් පිරිසක් අද(05) පස්වරුවේ එහි දිය නෑමට ගොස් ඇති බවයි.

අතුරුදන් වූ එක් අයෙකු මේවන විට මුදා ගෙන රෝහල් ගත කර ඇති බව පොලීසිය පවසයි.

අනතුරට ලක්ව ඇත්තේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ තරුණයින් පිරිසකි.