.webp)
-603261.jpg)
COLOMBO (News 1st) - කිලෝග්‍රෑම් එකකට අධික හෙරොයින් තොගයක් සමග අනුරාධපුරයේදී අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ බිරිඳ පෑලියගොඩ නගර සභා මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමට තිරණය කර ඇතැයි ජාතික ජන බල වේගය පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, සිදුවන විමර්ශන වලට බාධා නොවන ලෙස ඇය එම තීරණය ගෙන ඇති බවයි.
නීතිය ක්‍රියාත්මක කිරීම සදහා උපරිම සහයෝගය ලබාදෙන බව ද මහලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
නිහාල් අබේසිංහ මහතා පැවසුවේ, වරදක් සිදු කර ඇත්නම් දඩුවම් ලැබිය යුතු බවයි.
ඇයගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්නේ ද යන්න නිවුස් ෆස්ට් විමසීමක් කළේ ය.
මහලේකම්වරයා සඳහන් කළේ, පරික්ෂණවලින් අනාවරණය වන කරුණු මත එම තීරණය ගන්නා බවයි.
