දකුණු කොරියාවේ සේවය කළ මෙරට තරුණයින් 2ක් මියයයි

ජල ටැංකියකට වැටීමෙන් දකුණු කොරියාවේ සේවය කළ මෙරට තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි..

by Staff writer 10-11-2025 | 6:32 PM

COLOMBO (News 1st) - දකුණු කොරියාවේ වැඩබිමක ජල ටැංකියකට වැටීමෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, මාතලේ සහ අනුරාධපුර ප්‍රදේශවල පදිංචි කොරියාවේ රැකියා සඳහා ගිය තරුණයින් දෙදෙනෙක් ය.

අනතුරින් කොරියානු ජාතිකයෙකු ද මියගොස් ඇතැයි සදහන් වේ.