.webp)
-604910.jpg)
COLOMBO (News 1st) - තමිල් නාඩු ඇතුළු දකුණු ඉන්දියාවේ ප්රදේශ කිහිපයකට අධික වැසි ඇද හැලෙමින් පවතී.
ඒ මේ වන විට පීඩන අවපාතයක් දක්වා දුර්වල වී ඇති දිට්වා සුළි කුණාටුව හේතුවෙනි.
ගෙවුණු දින හතර තුළ ඉන්දියාවේ අධික වැසි සමග ඇතිවූ ආපදා හේතුවෙන් පුද්ගල මරණ 4ක් වාර්තා වේ.
වැසි තත්ත්වය හේතුවෙන් අදත් චෙන්නායි නගරයේ සියලුම පාසැල් වසා තැබෙන බව ඉන්දීය බලධාරීන් නිවේදනය කළේ ය.
ආපදා සහන සේවා සදහා භට පිරිස් ඇතුළු සහන සේවකයින් 22,000ක් පමණ යොදවා ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.
