බෙල්ජියමයේ දැවැන්ත වැඩවර්ජනයක්

විශ්‍රාම වැටුප් සංශෝධනයක් හේතුවෙන් බෙල්ජියමයේ දැවැන්ත වැඩවර්ජනයක්

by Staff writer 25-11-2025 | 1:32 PM

COLOMBO (News 1st) - බෙල්ජියමේ ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති එක්ව දින තුනක, ජාතික මට්ටමේ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ එරට ආණ්ඩුව විසින්‍ එරට අයවැය හිඟය අවම කිරීමට උත්සහ දරමින් සිටින පසුබිමකය.

යුරෝපා සංගමයේ නීති වලට අනුව බෙල්ජියම ඔවුන්ගේ අයවැය හිඟය, එරට දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට තුනකට වඩා අඩු මට්ටමක පවත්වා ගත යුතුය.

නමුත් මේ වන විට, බෙල්ජියමේ අයවැය හිඟය එරට දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට හතරයි දශම පහකි.

ඒ හේතුවෙන් එරට කම්කරු නීති වෙනස් කොට විරැකියා ප්‍රතිලාභ සහ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණය කිරීමට බෙල්ජියම් රජය තීරණය කර තිබේ.

අධ්‍යාපන, ප්‍රවාහන සහ වෛද්‍ය ඇතුළු වෘත්තය සමිති වැඩ වර්ජනයක් දියත් කර ඇත්තේ එම ප්‍රතිසංස්කරණ වලට එරෙහිවය.

ඊයේ (25) ආරම්භ වූ වැඩ වර්ජනය, හෙට දිනයේදී රට පුරා ව්‍යාප්ත වීමට නියමිතව තිබේ.

ඒ අනුව එරට ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දෙකක, හෙට දිනයට නියමිත සියලුම පිටවීමේ ගුවන් ගමන් අවලංගු කර ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.

යුරෝපය හරහා ධාවනය කෙරෙන යුරෝ ස්ටාර් දුම්රිය සේවයටද හෙට බලපෑම් එල්ල විය හැකිය.