ආපදා හේතුවෙන් සිදුවූ නිවාස හානි තක්සේරුව අද ඇරඹෙයි

ආපදා හේතුවෙන් සිදුවූ නිවාස හානි තක්සේරුව අද ඇරඹෙයි..-නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය

by Staff writer 08-12-2025 | 7:37 AM

COLOMBO (News 1st) - 

ආපදා හේතුවෙන් සිදුවූ නිවාස හානි  තක්සේරුව අද ආරම්භ කරන බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය පවසයි.

එය සිදුවන්නේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටවූ කමිටුවක් මගින් ය.

ඒ අනුව නිවාස පිරිසිදු කර ගැනීම සඳහා ලබාදෙන මුදල රුපියල් 25,000 කි.

නැවත පදිංචියට , ගෘහ උපකරණ මිලදී ගැනීමට රුපියල් 50, 000 ක මුදලක් නිවසේ අයිතිය නොසලකා එක් නිවසකට එකවරක් පමනක් දීමනාවක් ලෙස ලබාදෙයි.

ආපදාවෙන් නිවාස අහිමි හෝ සම්පූර්ණයෙන්ම ජීවනෝපාය අහිමි වු පවුල් සදහා සාමාජිකයන් දෙදනෙකු හා ඊට අඩු පවුල්වලට රුපියල් 25,000 බැගින් ද  සාමාජිකයන් දෙදෙනෙකුට වැඩි  පවුල් සඳහා රුපියල් 50, 000 ක් බැගින් ද මාස තුනක් යන තුරු ලබාදෙනු ඇති.

පදිංචි වීමට නිවසක් නොමැති පවුල්වලට කුලී නිවසක  රැදී සිටීමට උපරිම මාස හයක් දක්වා රුපියල් 25,000 බැගින් ලබාදෙනු ඇති.