භාණ්ඩ වැඩිමිලට අලෙවි කරන්නන්ට නීතිමය පියවර

සහල් හා පානීය ජල බෝතල් වැඩිමිලට අලෙවි කළ ව්‍යාපාරිකයින්ට නීතිමය පියවර

by Staff writer 08-12-2025 | 7:06 AM

COLOMBO(News1st) - සහල් හා පානීය ජල බෝතල් වැඩිමිලට අලෙවි කළ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය නීතිමය පියවර ගෙන තිබේ.

රුපියල් 100 ක පානීය ජල බෝතලයක් රුපියල් 400 කට අලෙවි කළ බෙලිහුල්ඔය ආපන ශාලාවක හිමිකරුට එරෙහිව බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පැනවූ දඩ මුදල රුපියල් මිලියනයකි.

සහල් වැඩි මිලට අලෙවි කළ කලගෙඩිහේනේ වෙළෙදසැල් හතරකට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ නියම කළේ ය.

මේ අතර, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කොස්ගම ප්‍රදේශයේ කළ වැටලීමකදී ලේබල් ඉවත් කළ සැමන් ටින් 2400 ක් සොයා ගෙන තිබේ.

ඒවායේ වෙළෙඳ පොළ වටිනාකම රුපියල් ලක්ෂ 16 කි.

අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය.