ආපදා නිසා සත්ත්ව ගොවිපොළ 16000කට හානි!

ආපදා තත්ත්වයෙන් සත්ත්ව ගොවිපොළ 16000කට හානි! හානි වූ සෑම ගොවිපලකටම රු 200,000 දීමනාවක් - සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

by Staff writer 10-12-2025 | 9:58 AM

COLOMBO (News 1st) - ආපදා තත්ත්වයෙන් සත්ත්ව ගොවිපල 16000 කට හානි සිදුව ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ කේ.කේ සරත් සඳහන් කළේ වැඩිම හානිය සිදුව ඇත්තේ කුකුළු ගොවිපල වලට බවය.

අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ හානි වූ සෑම ගොවිපලක් වෙනුවෙන්ම රුපියල් ලක්ෂ දෙකක දීමනාවක් ලබා දෙන බවය.

එම දීමනා ඉල්ලුම්පත් හැකි ඉක්මනින් පුරවා පශු වෛද්‍ය කාර්යාලවලට භාර දෙන ලෙස ඔහු ඉල්ලීමක් කළේ ය.