.webp)

ඒ ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළංද ඇති විය හැකියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
මේ අතර උතුරු , උතුරුමැද පළාත්වලටත් මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් අද(10) දිනයේ මිලිමීටර් 100කට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ය.
කාලගුණ අණාවැකියේ දැක්වෙන්නේ දිවයින හරහා ඊසාන දිග මෝසම ස්ථාපිත වී ඇති බවයි.
ඒ හේතුවෙන් මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ අණාවැකියේ සඳහන් වේ.
උතුරු , උතුරුමැද සහ වයඹ පළාත් වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් , මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශ වලත් විටින් විට පැයට කිලෝමීටර් 30-40ක පමණ තරමක තද සුළං ද ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
සබරගමුව මද්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත ඇතිවිය හැකි බවද අද අලුයම නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වේ.
