.webp)
-606003.jpg)
COLOMBO (News 1st) - ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ ධම්මික රණතුංග අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සිදු කළ විමර්ශනයකදී වේ.
2017 - 2018 වකවානුවේ ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධන මිලදි ගැනීමට තිබූ දිගු කාලීන ටෙන්ඩර් 03 ක් අවලංගු කර ඒ වෙනුවට වැඩි මිලට ස්ථානීය ටෙන්ඩර් ක්රියාත්මක කිරිමට තුලින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800 කට ආසන්න පාඩුවක් සිදු වීම චෝදනා අතර තිබේ.
අත්අඩංගුවට ගත් හිටපු සභාපතිවරයා කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
