දුම්රිය මාර්ග හදන්න ඩො. මිලියන 400ක ඇස්තමේන්තුවක්

හානිවූ දුම්රිය මාර්ග යළි ප්‍රතිසංස්කරණයට ඩොලර් මිලියන 400 ක ඇස්තමේන්තුවක්.. -අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්

by Staff writer 15-12-2025 | 8:58 AM

COLOMBO (News 1st) - ආපදා තත්ත්වයෙන් විනාශ වූ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණයට ඩොලර් මිලියන 400 ක් පමණ වැයවෙනු ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි.

ඔහු සදහන් කළේ, සියළු දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කර අවසන් කිරීමට යම් කාලයක් ගතවිය හැකි බවයි.

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට පත්කර ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසුවේ ය.

ඔහු සඳහන් කළේ, ස්ප්‍රිංවැලි හා කන්දෙගෙදර රෝහල් වෙනත් ස්ථානවල ස්ථානගත කර ඇති බවයි.

දැඩි බලපෑමට ලක්වූ මහිංයගනය සහ හලාවත රෝහල් කටයුතු ද යථා තත්ත්වයට පත්කර තිබේ.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, ආපදා හේතුවෙන් රෝහල්වල සී.ටී ස්කෑන් යන්ත්‍ර වැනි උපකරණ රැසකට දැඩි හානි සිදුව ඇති බවයි.