.webp)

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ, එම එන්නත් හේතුවෙන් මරණ සිදු වූ බවට තවමත් නිශ්චිතව තහවුරුවී නොමැති බවයි.
ඔන්ඩෑන්සෙට්‍රෝන්(Ondansetron), වමනය සහ ක්ලාන්ත ගතිය පවතින රෝගින් සඳහා භාවිතා කරන ඖෂධයක් ය.
පසුගිය 12 වෙනිදා මහනුවර ජාතික රෝහලේ රෝගීන්ට මෙම ඖෂධය භාවිතා කිරීමෙන් පසු සංකූලතා මතුවී තිබේ.
පසුව රෝගීන්ගේ රුධිර සාම්පල පරික්ෂා කිරීමේදී ක්ෂුද්‍ර ජීවීන් හමුවී තිබූ අතර එන්නත් සාම්පල පරීක්ෂාවේදීත් ක්ෂුද්‍රජීවීන් හමුවී තිබේ.
මේ අනුව ඔන්ඩෑන්සෙට්‍රෝන්(Ondansetron) ඖෂධයේ ප්‍රශ්ණගත ඛාණ්ඩ භාවිතය වහාම අත්හිටුවීමට පියවර ගැණිනි.
පසුව ජාතික බෝවෙන රෝග විද්‍යායතනයේදී මියගිය රෝගීන් 2ටත් මෙම එන්නත ලබා දී තිබීම හේතුවෙන් එම මරණ සහ එන්නත අතර සම්බන්ධයක් ඇත්දැයි පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
